Print

 

සභාපති හිමියන්ගේ පණිවිඩය.

ශ්‍රී ලංකා රජය විසින් දියත් කරන ලද නැණසල පරිගණක  ආයතන මේ වන විට ග්‍රාමීය ජනතාව ඉලක්ක කරගෙන නැණසල ආයතන දහසක් ස්ථාපිත කර ඇත. ග්‍රාමීය ප්‍රදේශයන්හි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය ව්‍යාප්තිය සහ භාවිතය සීමිත බැවින් එය ව්‍යාප්ත කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියක් හැටියට නැණසල ව්‍යාපෘතිය පෙන්නවා දීමට හැකිය. වයබ පළාතේ පිහිට තිබෙන නැණසල ආයතන එක්ව ආරම්භ කරන ලද වයබ පළාත් නැණසල සංගමය තුලින් ග්‍රාමීය ජනයාගේ තොරතුරු සන්නිවේදන දැනුම වර්ධනය කිරීම සදහා විවිධ අධ්‍යාපනික වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම පැසසිය යුතු කරුණකි.

නැණසල වෙබ් ගුවන්විදුලි නාලිකාවක් ආරම්භ කර ඒ තුලින් නැණසල ආයතනයන්හි සිදු කරන අධ්‍යාපනික , ආගමික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වැඩ සටහන් ඇතුළු විවිධ කුසලතාවලින් හෙබි දැයේ දරුවන්ට කාල හෝරාවක් ඔවුන්ගේ හැකියාවන් ගුවනට මුසු කීරීම සදහා මෙම ගුවන්විදුලිය තුලින් ඉඩකඩ ලබාදීම අගය කරන්නෙමු.

කෙටි කාල පරාසයක් තුල ශ්‍රී ලාංකික ජනතාව ඇතුළු විදේශ ගතවී සිටින අපගේ ආදරණීය පුරවැසියන් අප ගුවන්විදුලියේ ශ්‍රාවකින් බවට පත්වීම ආඩම්බරවිය හැකි කරුණකි.ඒ අනුව නැණසල වෙබ් ගුවන්විදුලිය මේ තත්වයට ගෙන එන්නට සහය ලබාදුන් සැමට තුති පිදීම මාගේ යුතුකම සහ වගකීම වේ.

 

දිලිදු අසරණ පවුල් නගා සිටුවීමත් අසරණ වුවන්ට පිළිසරණ වීමත් ග්‍රාමීය ආර්ථිකය ඉහල දැමීම තුලින් ගැමියාගේ ආර්ථිකය ගොඩ නැංවීමේ ව්‍යාපෘතීන් සිදු කරීමත් ඒ පිලිබදව ප්‍රජාව දැනුවත් කීරීමේ එකම ගුවන්විදුලි නාලිකාවක් බවට අපගේ නැණසල මාධ්‍ය ජාලය පත්වීම පිලිබදව සැමදා අගය කරන්නෙමු.   

2011 සභාපති හිමියන්ගේ පණිවිඩය..
Powered by Joomla 1.7 Templates